සුදු පෙති


නන්දනී ඈපාසිංහ කතුවරිය විසින් රචිත “සුදු පෙති “නම් කෘතිය ආදරය හා සාමාන්‍ය ජීවිතයකදි ඕනෑම පුද්ගලයෙකුට අත්විය හැකි කරදර කෙරෙහිද එයින් මතුව එන ගැටලු කෙරෙහිද මනාවට පාඨකයාගේ අවධානය මුළු කථාව කෙරෙහිම රඳවා ගැනීමට සමත්ව ඇත්තේය.
එහිදී නන්දනී ඈපාසිංහ නමැති කතුවරිය කාවින්ද නැමැති පුද්ගලයෙකු අමාලි නම් යුවතියගේ වේදනාව හා කටුක අත්දැකීම් වලින් ඇයව ඉවත් කිරීමට ගන්නා වෙහෙස මෙන්ම කැපකිරීම තුළින් එවන්වූ හදවත් ඇති අතලොස්සක්ද අද ඔබ මා ගැටෙන මේ සමාජයේ සිටින බව මතක් කර දෙන්නේය.ඊසා ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශනයක් වන මෙය පිටු දෙසිය දහසයක් පුරාවට ලියවී ඇත.මෙහි ප්‍රථම මුද්‍රණය දෙදහස් විසි එකේ දෙසැම්බර් මස නිකුත්ව ඇති අතර මෙහි මුද්‍රත මිල ලෙස සඳහන් වන්නේ හාරසියය පනහකි.දියණියක් යනු අතිශය සංවේදී මෙන්ම මනාසේ රැකබලා ගත යුතු වූ පසුව නිවැරදිම මඟ තෝරා ගත් ඇය මුලු පරම්පරාවකම මුතු ඇටය බව මේ කතාව කියැවීමෙන් ඔබට වැටහෙනු නිසැකය.සරල භාශා භාවිතයකින් පාඨක සිත් ආමන්ත්‍රනය කල නන්දනී ඇපාසිංහ නමැති කතුවරිය සිය කාර්‍යයබාර්‍ය නිසි ලෙස ඉටුකොට එය පාඨකයෝ අතට පත් කර ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *