සුද්දීලාගේ කතාව.

සයිමන් නවගත්තේගම ශූරීන් විසින් රචිත සුද්දිලාගේ කතාව යනු පුද්ගකයෙකු විසින් කිවයුතුම ගණයේ කෘතියකි.
ගැමි පරිසරයක සුන්දරත්වය පිළිබඳ මෙන්ම එහි සැගව ගිය කටුකත්වය හා ග්‍රාමීය පරිසරවල බොහෝ විට එහි වෙසෙන ජනයාට මුහුණ දීමට සිදුවන අකටයුතුකම් කෙරෙහිද කතු තුමන් සිය අවදානය යොමු කර තිබේ.ලිංගිකත්වය සංයමයෙන් හැසිරවීමට අපොහොසත් වීම් මෙන්ම පුරුෂයින්ගේ නොමනා ක්‍රියාකා‍රකම් නිසාවෙන් පවුල් කුටුම්බයෙහි ඇතිවන සෙලවීම් කෙරෙහි කතු තුමා මැනවින් සොයා බලා කරුණු ගොනු කර තිබීම ප්‍රශංසනියයි.
කුතුහලය හා ඇතැම් විට ත්‍රාසයද මුසුකොට පිටු 394 පුරාවටම පාඨක සිත් ඇඳ බැඳ ගැනීමට කතුවරයාගේ අවධානය යොමු වී තිබී ඇති සෙයක් පෙන්වයි.

එපරිද්දෙන්ම මෙකී කතුවරයා සිය විමසුම් ඇස චංචල වන මනුශ්‍ය ස්වභාවය පිළිබඳව යොමු කර මනාව එය ග්‍රහණය කරගෙන ඇත්තේය.සයිමන් නවගත්තේගම යන කතුවරයා විසින් මෙකී කෘතිය සරල හා ඕනෑම අයෙකුට කියවා තේරුම් ගත හැකි අන්දමට ලියා තිබීම ඔහුගේ අතිශයින්ම වර්ණවත් කුසලතාවක් බව කිව යුතුය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *