සමාගම් රැසක් මෙවර ගුවන්හමුදා ක්‍රිඩා තරගාවලියන් සදහා දායකත්වයට පෙරමුණ ගනී..

ශ්‍රිලංකා ගුවන් හමුදාවේ 75 වන ගුවන් හමුදා දිනයට සමගාමිව පවත්වනු ලබන ගෝල්ෆ් තරගාවලිය සහ පාපැදි තරගාවලිය සදහා සිය දායකත්වයන් ලබාදිම සදහා වෙළද සමාගම් රැසක්ම ඉදිරිපත් විඇති බව වාර්තා වේ.
පසුගියදා ගුවන්හමුදා මුලස්ථානයේ පැවති මාධ්‍යය හමුවේදි නිලවශයෙන්ම එම ආයතන හා ශ්‍රිලංකා ගුවන් හමුදාව ගිවිසුම් ගතව අදාල වවුචර් සදහා අත්සන් තබා ගැණුනි.
ටොයටා ලංකා සමාගම,අබාන්ස් සමාගම,ලයිෆ්බෝයි,vitagen,ලංකා බැංකුව, ජාතික ලොතරැයි මංඩලය,මෙට්‍රෝපොලිට්‍රෙන්,ඒෂියන්ට් පේන්ට්, ශ්‍රිලංකා ඉන්ෂුවරන්ස් ,ලංකා සංචාරක කාර්යාංශය, යන ආයතන මෙලෙස මෙම තරගාවලියන් සදහා සිය අනුග්‍රාහකත්වයන් ලබාදෙමින් මෙම තරගාවලියන් සාර්ථක කර ගැනිමට දායකත්වය නොපැකිලිව ලබාදෙන බව එම සමාගම වැඩිදුරටත් සදහන් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *