විදේශිකයන්ට වාහන කුලියට දෙන්නේ බලාගෙනයි..
විදේශිය ජාතිකයින්ට වාහන කුලි පදනම මත ලබාදිමේදි ඉතාමත් සැලකිලිමත් වියයුතු බවත් ,රියදුරැ බලපත්‍රය නොමැති විදේශිකයින්ට වාහන ලබාදිමේ දි 2025 වසරේදි මරණ 5ක් වාර්තා විඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යු.වුට්ලර් සදහන් කරයි.
සිදුවු මරණයන්ට අමතරව ගෙවිගිය වසර තුල විදේශිකයින්ට බරපතල අනතුරැ 7ක් ද, සුළු තුවාල 78ක් ද, වාහන හානි6ක්ද සිදුවි ඇති බව සදහන් වන අතර වාහන පැදවු බපලත් නොමැතිව විදේශිකයින්ට මෙන්ම මෙරට වාහන හිමියන්ටද නිති මගින් කටයුතු කරන බවද වැඩිදුරටත් සදහන් වේ.