ලාංකීය නිදහස් දිනය අදයි..
වසර 133ක් පරාධීනත්වයෙන් ගතකොට එයින් මිදී ස්වෛරී අදීන දේශයක් ලෙස යළි නැගී සිටීමේ උතුම් අවස්ථාව වර්ෂ එක්දහස් නවසිය හතලිස් අටක් වු පෙබරවාරි මස හතර වැනිදා උදාවිය.
1948.02.04 වන දින ශ්‍රී ලංකාවාසීන් සියල්ලන්ටම අතිශයින්ම වැදගත් වූ දිනයකි.මේ දිනය බාල මහළු සියල්ලන්ම පාහේ හොදින්ම දන්නා නිදහස් දිනයයි.අපට මෙම නිදහස් දිනය උදා වූයේ එකසිය තිස්තුන් වසරක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට යටත් විජිතයක් ව පැවතීමෙන් පසුවයි.. සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ තිබු සමහර කොන්දේසි ඉවත්කර එම ආණ්ඩුක්‍රමයම භාවිතා කර ස්වරාජ්‍ය තත්වයක් ලබාදෙන ලදී.
1948 පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07:30 ට එළැඹෙන සුබ මොහොතින් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මන්ක් මේසන් මුවර්තුමා, සර් ජෝන් හොවාර්ස් අගවිනිසුරු වරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ දිවුරුම් දීම සිදු වූනේ කොළඹ රජ වාසලේදී ය.මෙදින රාජ්‍ය නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශ කෙරිණි.නිදහස ප්‍රකාශ කිරීමේදී මෙරට පන්සල් හා ආගමික ස්ථාන වල ආගමික වතාවන්ද සිදුවීය.මුලු ගගණ තලය පුරාම සිංහ කොඩි ලෙළදිණි.
නිදහසේ සුවදායක හුස්ම පිටුපස අප ජාතික වීරයන් හෙලූ සෝ සුසුම් ,කඳුලු මෙන්ම අනේකවිධ කැපකිරීම් ද අතිමහත් ය.
ශ්‍රී ලංකාව සිංහල ,හින්දු ,දෙමළ හා මුස්ලිම් යන සියලු ජාතින්ගේ එකමුතුවක් වේ.ශ්‍රී ලංකා රාජ්‍ය එදා මෙන්ම අද දක්වාම ස්වාධීන රාජ්‍යක් වන අතර මේ දීපයේ සුන්දරත්වය ලොව දසතම පැතිරී තිබේ.ආදි මුතුන් මිත්තන් අනාගත පරම්පරාවට දීමට යැයි සිහින දුටු නිදහස මෙදින අප භුක්ති විදිනු ලබයි.
ශ්‍රේෂ්ඨ සංස්කෘතියක්ද මනරම් සුන්දර පරිසරයකින්ද සපිරි මේ ශ්‍රී ලංකා ධරණි තලය අදහස් හා ගුණවත් සිතිවිලි වලින් ද ස්වයංපෝෂිත විය යුතුවනවා.නිදහස යන අකුරු සතර තුළ ඇති අර්ථය සහ ගැඹුර ශ්‍රී ලාංකිකයන් වන අප සියලූම දෙනා දැනගත යුතුවන අතර අප ආදි මුතුන් මිත්තන් දිනා දුන් නිදහස අප අර්ථවත් ලෙස ගත කළ යුතුවනවා.සෑම නිවසකම ශ්‍රී ලංකා ධජය ඔසවා මෙම නිදහස සමරන අයුරුද අපට දැකබලා ගත හැකි වන අතරම අප දිනූ නිදහස තුළින් ලොව දිනීමටද අප වග බලා ගත යුතු වනවා.
සටහන :- ඈන් මිලිනි රෝශිනී