යුක්තිය දිනන වසරක් සදහා මෝදර කාලි කෝවිලට එන්න..
එලබෙන 24 දා මාධ්‍යවේදි ප්‍රගිත් එක්නැලි ගොඩ බලහත්කාරයෙන් අතුරැදහන් කර වසර 16ක් සපිරෙන අතර ඒ නිමිත්තෙන් මෝදර කාලි කොවිලේදි ඔහු ඇතුළු යුක්තිය අහිමි වුවන් සදහා දෙවියන්ට පඩුරැ බැදීම හා අධිෂ්ඨාන පුජාවක් පවත්වන බව සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි.
එලබෙන ජනවාරි 24 දා උදේ 10.35ට මෝදර කෝවිලේදි මෙය පැවැත්වෙන අතර ,එසේම 27වනදා කොළඹ ලිප්ටන් වටරවුමේදි නිහඩ අධිෂ්ඨාන පුජාවක් ද පැවැත්වෙන බව සදහන් වේ.