යශෝරාවය

සෝමවීර සේනානායක ශූරින්විසින් රචනා කල යශෝරාවය නම් වූ කෘතිය 1978 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ නවකතාව වීය.මෙය දයාවංශ ජයකොඩි සහ සමාගමෙහි සාඩම්බර මුද්‍රණයක් වන අතර මෙය ශාස්ත්‍රපති උපාධි නිබන්ධනයක් වශයෙන් පිලිගැනුණු ප්‍රථම සිංහල නවකතාවද වන්නේය.එමෙන්ම ටෙලි නාථ්‍යයක් බවට පත් වූ පළමු සිංහල නවකතාව වන්නේද යශෝරාවයයි.සෝමවීර සේනානායක කතුවරයා විසින් රචනා කල නවකතා අතරට අඹු සැමියෝ,එක්ටැම් ගෙවල්,මතු දවස හා මවකගේ ගීතය (1972 රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ඇත.)යන කෘතීන්ද ඇතුලත් වේ.මෙම කෘතිය කෙතරම් නම් සාරවත් හා රසවත්ද යන්න සිතා බැලීමේදී ටී.බී ඉලංගරත්නයන් විසින් මේ කෘතිය පිළිබඳව කියූ “යශෝරාවය එක හුස්මටම කියැවීමි.ඉතා රසවත්‍ ය.කාලෝචිතය ” යන කියමන ඔස්සේම එය මනාවට ගම්‍ය වන්නේය.යශෝරාවය සිය අටවැනි මුද්‍රණයද අවසන් කරමින් පාථකයගේ සිත ලැඟුම්ගෙන ඇත්තේය.පිටු එකසිය අසූදෙකක් පුරාවටම මනරම් භාශා උපක්‍රමයන් හා සංකල්පරූප මවමින්ද රචනා කරමින් ලියා ඇති මෙම කෘතියෙහි මුද්‍රත මිල වන්නේ රුපියල් පන්සියයකි. යශෝරාවය ලියූ සෝමවීර සේනානායක මහතා සුප්‍රකට ටෙලි නාට්‍යය රචකයෙකු හා පුවත්පත් කලාවේදියෙකුද වන්නේය.

සටහන:- ඈන් මිලිනි රෝශිණී.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *