මා අකමැතිව සිටි ජේ.ආර් කෘතිය භාෂා තුනකින් එලි දකී..
හිටපු පාර්ලිමේන්තු මංත්‍රි වරයෙකු වු ඉමිටියාස් බාකර් මාකර් විසින් පවත්වනු ලැබු කථිකාවන් එක්රැස් කරමින් හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන පිලිබදව සිංහල ,දෙමල,ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සම්පාදිත කෘති තුනක් ජේ.ආර්.ජයවර්ධන මධ්‍යස්ථානයේදි ජනගත කෙරැණි.
ඒ සදහා හිටපු කතානායක කරැ ජයසුරිය,හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන,පාර්ලිමේන්තු මංත්‍රි වරැ,ආගමික නායකයින්ගේ සහභාගිත්වයෙන් මෙම කෘති තුනම එක්දැක්විය.
එහි පලමු පිටපත ජේ.ආර්.ජයවර්ධන ගේ මුඛුපුරැ ප්‍රදිප් ජයවර්ධන වෙත පිරිනැමුණ අතර ඔහුගේ පාලන කාලය තුල දේශපාලන භාවිතය,නායකත්වය පිලිබදව මෙම කෘතිය මගින් මැනවින් විග්රහ කර ඇති බව වැඩිදුරටත් සදහන් කර ඇත.