මාධ්‍යවේදි සදරැවන්සේනාධීර ගේ ජිවිත ආරක්ෂාව තහවුරැ කරන්න…
විදේශගතව සිට මෙරටට පැමිණි ඊනිවුස් වෙබ් අඩවියේ කතෘ සදරැවන් සේනාධිර ව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එය අධිකරණ නියෝගයක් මත සිදුවු බව පොලිසිය සදහන් කරයි.
මෙතෙක් කල් ඔහු විදේශ ගතව සිට ඇත්තේ සිය මාධ්‍යය කරණය හේතුවෙන් ජිවිතයට තර්ජන එල්ල වි ඇති බැවින් වන අතර දැනට පොලිස් අත්අඩංගුවට පත්විමේදි ජිවිත ආරක්ෂාව වහා තහවුරැ විය යුතු බව නිදහස් මාධ්‍යය ව්‍යපාරය කියයි.
අපක්ෂපාතී හා සාධාරණ නිතී කෘත්‍යයක ඔහුට ඇති අයිතිය ආරක්ෂා කරදෙන ලෙසත් ,එසේම ඔහුගේ ජවිත ආරක්ෂාව වඩාත් තහවුරැ තහවුරැ කරදෙන ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යපාරයේ කැදවුම්කරැ ලසන්ත ද සිල්වාගේ අත්සනින් යුතුව නිවේදනයක් නාකුත් කරමින් කියා සිටියි.