මාධ්‍යවේදි ප්‍රශිත් එක්නැලිගොඩට යුත්ති පතා ලිප්ටන් වට රවුමට එන්න..
බලහත්කාරයෙන් අතුරැදහන් කල මාධ්‍යවේදි ප්‍රගිත් එක්නැලිගොඩ වෙනුවෙන් ඔහුගේ බිරිද වසර 16ක් පුරාවටම යුක්තිය ඉල්ලමින් නිරන්තර අරගලයක නිරතවෙමින් පසුවෙයි.
එවන් පසුබිමක එක්නැලිගොඩ අතුරැදහන් කිරිමේ අපරාධ සිද්ධියට සම්බන්ධ හමුදා බුද්ධි නිලධාරියාට උසස්විමක් ලබාදිමද දෛවෝපගත තවත් කරැණකි.
සිද්ධිය එසේ වුවද ඔහුගේ බිරිද සන්ධ්‍ය එක්නැලිගොඩ නම් වු යකඩ ගැහැණිය ඔහු වෙනුවෙන් නිහඩ අධිෂ්ඨාන පුඡාවක් සහ ආලෝක පුජාවක් අද උදේ 10.30සිට සවස 6.30දක්වා කොළඹ ලිප්ටන් වටරවුමේදි පවත්වන බවත්,ජනමාධ්‍ය යුක්තිය පතන සැමට ආරාධනා කරන බව ඇය පවසයි.