මාධ්‍යය නිදහස වෙනුවෙන් වැඩ කරන්න..
මාධ්‍යය මර්ධනය පසෙකලා ජනතා අභිලාෂයන් මුදුන් පමුණවා ගැනිම සදහා රටේ සැබැ ජනමාධ්‍යය නිදහස උදෙසා වැඩකරන ලෙසට වෘත්තිය ජනමාධ්‍යවේදින්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.
මේ පිලිබදව එම සංගමයේ සභාපති දුමින්ද සම්පත් සහ ලේකම් රංග බණ්ඩාරනායකගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.
එසේම මාධ්‍යවේදී තරිදු ජයවර්ධන ගම්පොල පොලිසියට කැදවිම සහ හිරු මාධ්‍යය ආයතනයෙන් හෙලිකල සිද්ධියක් සම්බන්ධයෙන් එම පුවත සාවද්‍ය බවට හඟවමින් විකාශනය බලපත්‍රය අහෝසි කරන ලෙසට විදුලි සංදේශ කොමිසමෙන් පොලිසිය ඉල්ලිමක් කිරිමද සුළුකොට තැකිය නොහැකි බව එම සංගමය වැඩිදුරටත් සදහන් කරයි.