මංත්‍රි එක්ක ගැටුන පොලිස් කොස්තාපල් යුක්තිය ඉල්ලයි..
ජාතික ජන බල වේගයේ පාර්ලිමේන්තු මංත්‍රි ශාන්ත පද්ම කුමාර සමග ආරවුලක් ඇති කරගත් මේවන විට සේවයෙන් ඉවත්කර ඇති සුරියකන්ද පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් වරයා තමන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් අපක්ෂපාති පරික්ෂණයක් ඉල්ලමින් රත්නපුර මානව හිමිකම් කොමිසම වෙතට පැමිණිල්ලක් ඉදිරිපත් කලේය.
මේ වන විට බයිපාස් සැත්කමකටද භාජනය කර ඇති මෙම නිළධාරියා බැංකු ණයක්ද ලබාගෙන ඇත බවද සදහන් වන අතර එසේම මෙවර අපොස සාමාන්‍යය පෙල විභාගය සදහා පෙනි සිටින දරැවන් දෙදෙනෙකුද සිටින බව ඔහු සදහන් කරයි.
තම රාජකාරිය ඉටු කරමින් සිටින අවස්ථාවේදි තමන් වෙතට මංත්‍රි වරයා පහරදුන් බවත් මේ වන විට ඔහුට කිසිදු පියවරක් ගෙන නොමැති බවත් තමන්ට යුක්තිය ඉටුකරන ලෙසට ඔහු බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.