පෞද්ගලික අංශයේ වැටුප් ඉහලට..
ජනවාරි පලමුවැනිදා සිට ක්රියාත්මක වන පරිදි සමස්ත පෞද්ගලික අංශයේ අවම වැටුප රැපියල් 3000.00කින් වැඩිකර ඇති බව සදහන් වේ.
ඒ අනුව එම අංශයේ සේවකයින්ගේ අවම වැටුප 27000.00සිට 30000.00දක්වා ඉහල යන අතර මෙම වැටුප් වැඩිකිරිම 2025 අංක 11දරණ සේවකයින්ගේ ජාතික අවම වේතන පනත යටතේ සිදුකර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් වරයා පවසයි.
එසේම මෙම පනත යටතේ 4වන වගන්තියට අනුව අයවැය සහන දීමනාව එකතු කිරිම හැරැණු කොට සේවකයින්ගේ 2025.3.31 දිනට ලබමින් සිටි වෙනත් කිසිදු දීමනාවක් අවම වේතනය සදහා හිලව් නොකලයුතු බව ද සදහන් වේ.