පිලිකා කලින් හදුනා ගැනීමේ මධ්‍යස්ථානයක් අරඹයි..
පිලිකා රෝගය කලින් හදුනාගැනීමේ මධ්‍යස්ථානයක් කොළඹ ජාතික රෝහලේදි ආරම්භ කෙරැණ අතර මෙම විශේෂ අවස්ථාව සදහා ලෝක සෞඛ්‍යය සංවිධානයේ නියෝජිතයින්ද ,සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍යය අමාත්‍යය වෛද්‍ය හංසක විජේමුණි යන අයද සහභාගි විය.
මෙය ජාතික රෝහලේ බෝනොවන රෝග සායනයේ ගොඩනැගිල්ලේ පිහිටුවා ඇති අතර මෙම මධ්‍යස්ථානය මගින් පියුරැ පිලිකා,ගැබ්ගෙල පිලිකා, සහ මුඛ පිලිකා යන පිලිකා වර්ග තුන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව එම අංශ පවසයි.
මෙම පරිශ්‍රය ස්ථාපිත කිරිම සදහා රොටරි සමාජය සිය දායකත්වය ලබා දි ඇත.