පෑලියගොඩ මත්ස්‍ය වෙලදසැලේ සත්ව ආහාර නිෂ්පාදනාගාරයේ දුර්ගන්දය දසඅත සිසාරා යයි..
පැලියගොඩ මත්ස්‍ය වෙළද සංකිර්ණයේ කලක සිට පවත්වාගෙන යනු ලබන සත්ව ආහාර නිෂ්පාදනාගාරයේ මත්ස්‍ය කොටස් ආශ්‍රයෙන් ඌරන් සදහා ආහාර නිෂ්පාදන ක්‍රියාවලියක් සිදුවෙමින් පවති.
මත්ස්‍ය වෙළද සැලේ වෙනමම ඒකකයක් ලෙසට පවත්වාගෙන යනු ලබන මෙම සත්ව නිෂ්පාදන ක්‍රියාවලියේ දි එම මත්ස්‍ය කොටස් යන්ත්‍රානුසාරයෙන් කවලම් කිරිමේදි කැලණිය වරාගොඩ,පැලියගොඩ නුවර පාර දක්වා කිලෝමිටර් දෙකක් පමණ දුරට එහි දුර්ගන්දයන් විහිදියන අතර අවට ජිවත්වන ජවතාවට ඉන් අපහසුායන් වලට ලක්වන බව වාර්තා වේ.
මේ පිලිබදව පැලියගොඩ නගර සභාවේද කතාබහට ලක්ව ඇති අතර පසුගිය වකවානුවේ එසේ විහිදෙන දුර්ගන්දයන් සමනය කිරිම සදහා යෝජනා වලියක් ඉදිරිපත් කෙරැණද එයද ඵලක් නොවු බවද සදහන් වේ.
ප්‍රදේශවාසින් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙය නගරසභාව යටතට ගෙන මෙහි පැතිරෙන දුර්ගන්දය සදහා ස්ථිර පිලියමක් යොදන ලෙසයි.