ප්‍රොෆොල් ඉන්ජක්ෂන් හිඟයක් ඇතිවිමේ අවදානමක්..

ශල්‍ය කර්මයේදි නිර්වින්දනය සදහා භාවිතා කරනු ලබන DRUGS OFGOD ලෙසින් හදුන්වනු ලබන ප්‍රොපොෆොල් ඉන්ජක්සන් හිගයක් ඇතිවිමේ අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජිව අනාවරණය කරයි.
මෙම ඖෂධයේ තොග මට්ටම ඉතා අඩු මට්ටමක පවතින බවත් ඉදිරියේදි ඊට අදාලව සැපයුම් නොලැබෙන්නේ නම් ශල්‍යය කර්ම සදහා බරපතල ගැටළුකාරි තත්වයන් උද්ගත වන බවත් ඒ පිලිබදව සෞඛ්‍යය බලධාරින්ගේ අවධානය යොමුකල යුතු බව රජයට පෙන්වා දිඇති බව ඔහු පවසයි.
එසේම රජයේ ඖෂධ වේදින්ගේ සංගමයේ සභාපති කුමාර රත්න ද මේ සම්බන්ධයෙන් අවධානය යොමුකලයුතු බව රජයට පෙන්වා දි ඇති බවද සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *