නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානා පියාසර කිරීම සම්බන්ධව පුද්ගලයින් දැනුවත් කිරීම

ශ්‍රී ලංකාව තුළ දේශිය සහ විදේශීය පුද්ගලයින් හට නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම් වන අතර මින් පෙරද අධි ආරක්ෂිත කලාපයන් තුල ඩ්‍රෝන යානා ක්‍රියා කල පුද්ගලයින් හට නීත්‍යානුකූලව අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත.
එබැවින්, ශ්‍රී ලංකාව තුළ ඩ්‍රෝන යානා පියාසර කිරීමට කටයුතු කරන පුද්ගලයින්, අදාළ නීති හා රෙගුලාසි පිළිපදිමින් නිසි අවසර ලබාගෙන පමණක් ඩ්‍රෝන යානා පියාසර කරන ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දැනුන් දෙනු ලැබේ. මෙම දැනුවත් කිරීම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමත්, ඩ්‍රෝන යානා ක්‍රියා කරවන්නන් හට ඇතිවිය හැකි නීතිමය ගැටළු සහ අපහසුතා වළක්වා ගැනීමත් අරමුණු කරගෙන සිදු කරනු ලැබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *