නවිකරණය නිසා වසාදමා ඇති දුම්රිය මාර්ග වල දුම්රිය සේවකයෝ අතිකාල අහිමි විම ගැන ජනපතිට ලියයි..
උඩරට හා උතුරු දුම්රිය මාර්ග වල ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් දුම්රිය ධාවනය මේ වන විට අඩාලවි ඇති අතර එම මාර්ගයන් ආශ්‍රිතව දුම්රිය ස්ථානවල සේවය කරනු ලබන දුමිරිය සේවකයින්ට අතිකාල අහිමිවිම නිසා දැඩිලෙසට ආර්ථික පීඩනයන්ට ගොදුරුවි ඇති බවට ශ්‍රිලංකා දුම්රිය ස්වශක්ති සංගමය ජනපතිවරයාට ලිඛිතව ඉදිරිපත්කර ඇති බව වාර්තා වේ.
පැවති දිට්වා සුලි කුණාටුවත් සමග රඹුක්කන සිට අබේවෙල දක්වා දුම්රිය ධාවනය අඩාල වි හානිවි ඇති අතර උතුරැ මාර්ගයේ මහව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය මාර්ගය නවිකරණය කිරිම හේතුවෙන් වසාදමා ඇති අතර මෙහි සේවය කරනු ලබන දුම්රිය සේවකයින්ට අතිකාල දීමනා මේ වනවිටත් අහිමිව පවති.
එම හේතුව මත තම වැටුපෙන් පමණක් ජිවත්විමට සිදුවන බැවින් එම හේතුව මත මාස තුනකට ණය සහණයක් ලබාදෙන ලෙසට එම සේවකයින් ජනපති වරයාගෙන් ඉල්ලිමක් කල බව වැඩිදුරටත් සදහන් වේ.