දයාසිරිට විනය ක්‍රියාමාර්ග ගන්නැයි නිමල්සිරිපාලට පැමිණිල්ලක්..
ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකරගේ ක්‍රියාකලාපය පිලිබදව විනය ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලමින් එම පක්ෂයේ ජේජ්ඨ උපසභාපති නිමල් සිරිපාලද සිල්වාගෙන් එහි විධායක සභික එම්.එම්.පි.හේරත් ලිඛිතව ඉල්ලිමක් කර ඇත.
එයට හේතු ලෙසට එම ලිපිය මගින් පෙන්වා දි ඇත්තේපක්ෂය සතු මුදල් මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙන් තොරව පක්ෂයේ වෙනත් සමාජිකයන් සදහා ඇපමුදල් බැදිමට යෙදවිම සහ තවත් කරැණු ඊට ඇතුලත්කර ඇති අතර එහි සභාපති ලෙස කටයුතු කල මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාදුන් චෝදනාපත්‍රයට අනුව විවය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නාලෙසටද වැඩිදුරටත් ඉල්ලා ඇත.