ඩිප්‍රෙෂන්
ධනූ ජයසුන්දර යන දක්ෂ තරුණ ලේකිකාවක විසින් ලියන ලද ඩිප්‍රෙෂන් නම් නවකතාව විශාල පාඨක අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්.රීඩින් ප්ලැනට් ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශනයක් වන අතර කතුවරියගේ මෙම කෘතියට අමතරව ජෝකර්,විකෘති,කොන්කොක්ල්,5D මිරකල් යන නවකතාද ඇතුලත් වනවා.ඩිප්‍රෙෂන් නවකතාව මිනිසාගේ කායිකව රෝගාතුර වීම මෙන්ම මානසිකව කෙතරම් බලාත්මක ලෙස රෝගාතුර වන්නේ දැයි යන්නට හා එය කෙතරම් නම් පුද්ගලයෙකුට හානි දායක වන්නේ දැයි යන්න කතුවරිය සූක්ෂ්මව සිය පාඨකයා වෙත ලඟා කර දී තිබෙනවා.සෑම කුඩා සිද්ධියක් ලෙසම විමර්ශනාත්මක ලෙස ගවේෂණය කර ඇති කතුවරිය සිය පන්හිඳ මෙහෙයවා ආකාරය ප්‍රශංසනීය බව කිව යුතුමයි.සිත් ගන්නා සුළු කවර නිර්මාණයකින්ද සමන්විත වූ මෙම කෘතියේ මුද්‍රිත මිල ලෙස රුපියල් අටසියයක මුදලක් සඳහන් වනවා.
ඈන් මිලිනි රෝෂණි