ගුවන් හමුදාවේ 75වන සැමරැමට නව ලාංජනයක් එලි දක්වයි..

නව වසරේ ආරම්භය සමගින් ගුවන් හමුදා මුලස්ථානයේ විශේෂ උත්සවයක්
2026 නව වසර උදාව නිමිත්තෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේදී ජනවාරි මස පළවෙනිදා සර්වාගමික ආශිර්වාද වැඩසටහන් සමග 75 වන සංවත්සර නිළ ලාංජනය එළිදැක්වීමද පැවැත්විණි. මෙම අවස්ථාවේදී ගුවන් හමුදාපතිතුමා විසින් නව වසර වෙනුවෙන් සිය සුභාසිංශන පණිවිඩය ඉදිරිපත් කරන ලද අතර, 2026 මාර්තු මස 02 දිනට යෙදි තිබෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් නිර්මාණය කරන ලද නිළ ලාංජනය එළිදැක්වීමද මෙම උත්සවයේදී ගුවන් හමුදාපතිතුමා විසින් සිදු කරන ලදී. මෙම නිළ ලාංජනය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් ඉතිහාසය සමඟ එහි අනාගත දැක්මද නිරූපණය කරයි.

75 වන සංවත්සර ඉදිරි සැමරුම් කටයුතු සඳහා මූලික සංකේතයක් ලෙස මෙම නිළ ලාංජනය ඉදිරියට භාවිතයට ගැනීමට නියමිත අතර ගුවන් හමුදාවෙි ජේෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිළයන්ගේ සහබාගිත්වයෙන් මෙම උත්සවය සිදුවිය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *