ගැබිණි මව්වරැන්ට මාස තුනකින් ත්‍රිපෝෂ නෑ…
ගැබිණි මව්වරැන්ගේ සහ දරැවන්ගේ පෝෂණ ඌණතාවයන් මගහරවා ගැනීම සදහා රජයෙන් නොමිලේ ලබාදෙනු ලබන ත්‍රිපෝෂ මාස තුනක සිට ඔවුනට නොලැබෙන බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා කාර්යාල වලින් වාර්තා වේ.
මෙයට ප්‍රධාන හේතුව වි ඇත්තේ බඩඉරිගු තොග වරායෙන් නිදහස්කර ගැනිම සදහා මෙතෙක් කැබිනට් අනුමැතිය නොලැබිම මත මෙම තත්වය උද්ගතව ඇති බවකි.
මෙලෙස වරාය තුල සිරව ඇති බඩඉරිගු ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 2200ක් වන බව සදහන් වේ.