ගතානුගතික සමාජ ලක්ශණ සහ ලාංකීය ආදිවාසි ජන සමාජය
ජයසෙනෙවි හුරුලුවැව මහතා විසින් සම්පාදනය වූ ලංකාවේ වැදි ජනතාව පිළිබඳ විමර්ශනාත්මක තොරතුරු ඇතුළත් කෘතියකි.අකුර පොත් ප්‍රකාශකයෝ විසින් ප්රකාශනය වූ මෙම කෘතිය දෙදහස් එකොලහ වසරේදී ප්රකාශනයවූ අතර මේ කෘතිය මඟින් අප අතරින් දුරස්ව යන ආදීවාසී භාෂාව ගැන යලි යලිත් විමසිලිමත් විය හැකිය.මෙ කෘතිය පිටු තුන්සිය විසි අටක් පුරාවටම ඉතාමත් අගනා තොරතුරු ඇතුලත්ව පවතී.මිල රුපියල් හාරසියයක මුදලකට මිලදී ගත හැකි මේ කෘතියේ සත්‍ය සිදුවීම් හා සත්‍ය පුද්ගල පින්තූරද දැක ගත හැක්කේය.අප මුතුන්මිත්තන්ගේ ආදි භාශාව වියැකෙන්නට නොදී රැකගැන්මට හා අනාගත පරපුරට දායාද කරන්නට ජයසෙනෙවි හුරුලුවැව මහතා ගෙන ඇති උත්සාහය අගය කල යුතුමය.