කෘතියෙහි නම:-මට මතකයි..
කතුවරියගේ නම:-ලෙට්රීෂියා බොතේජු
පොතෙහි මිල:-475/=
මට මතකයි නැමැති නවකතාව 1930-1934 යන කාලයේ ගම්බඳ පරිසරයක සුන්දරත්වය හා සම්බන්ධ කොට ලියා ඇති අතර මෙය ගුණසේන ප්‍රකාශන ආයතනයේ මුද්‍රණයකි.මෙම නවකතාව සම්පූර්ණ වශයෙන්ම ඕනෑම අයෙකුට එකවරම තේරුම් ගත හැකි අන්දමින් සරල සුගම භාෂාවකින් ලියා තිබීම විශේෂත්වයකි.කතුවරිය විසින් මෙම කෘතිය පුරාවටම ගැමියා මූලික කොටගත් ආගමික පරිසරය මෙන්ම එදා සිට පැවත ආ ඇතැම් සිරිත් විරිත් පිළිබඳව පාඨකයාගේ අවධානය යොමු කරවාලන්න සමත්ව තිබේ.කුඩා දැරියක ඇගේ කුඩා කාලය ගැන කියාපාන්නක් ලෙසින් රචනා කර ඇති මේ කෘතිය පස්වන මුද්රණවාරයද පසුකොට තිබීමම මෙම කෘතියේ ඇති සාරවත්බාවයට සාක්ෂි දරයි.පවුලක් තුල තිබිය යුතු එකමුතුකම මෙන්ම ශක්තිමත් බවද මට මතකයි නම් කෘතිය පුරාවටම සාකච්ඡා කරනු ලබයි.අනාගතය පිළිබඳව මිනිසා තබා ගත යුතුවන්නේ සුභ බලාපොරොත්තු බවත් ඒවා වෙනුවෙන් කැපවිය යුතු බවත් කතුවරිය මෙහි එන ඇතැම් චරිත ලවා පාඨකයාට කියාපෑමට ගෙන ඇති උත්සාහය අති සාර්ථකය.
written by ඇන් මිලිනි රොෂිනී