කෑගලු පොත් වසන්තය
පොත් කියූ සැණින්ම අපට මතක් වෙන්නේ නවකතා ,කෙටිකතා වගේම කාව්‍ය මෙන්ම අධ්‍යාපනික කෘතීන්.ඉතින් මෙවර කෑගල්ලේ සිටින පාඨකයන්ට වගේම ඒ අවට ඉන්න ඕනෑම කෙනෙකුට තමන්ගේ හිතේ තියන සහ අතේ ගැවසෙන මුදලට පොත්පත් ගන්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා.කෑගලු පොත් වසන්තය පෙබරවාරි අට වැනිදා සිට දාහතරවනදා දක්වා කෑගල්ල නිදහස් මාවත රථ ගාලේදී පැවැත්වෙනවා. උදෑසන නමයේ සිට රාත්‍රී නමය දක්වා ඔබට පහසු වේලාවක පොත් ප්‍රදර්ශනයට සහභාගී වෙන්න පුලුවන්.රැකියා කරන මෙන්ම අධ්‍යාපනය ලබන අය වෙනුවෙනුත් ඒ වෙලාව ඇතුළත කැමති පහසු වේලාවක් පොත් අතර ගැවසෙන්න වෙන් කරගන්න පුලුවන්.
පොත් ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය දිනාගෙන ඇති ප්‍රකාශන ආයතන මෙන්ම තවත් ප්‍රකාශන ආයතන රැසක් පාඨකයෝ වෙනුවෙන් කෑගලු පොත් වසන්තයේ කාලය වෙන් කරගෙන තිබීම විශේෂයෙන්ම කිව යුතුයි.
එසේම පාඨක සිත් ඇඳබැද ගත් අතිදක්ශ ලේඛක,ලේඛකාවන් රැසක්ද මුණ ගැසීමට අවස්ථාව ද දැන් එළඹ තිබෙනවා.පොත් ප්‍රදර්ශනයේදී පොත් මිලදී ගැනීමේදීද සුවිශේෂී වට්ටම රැසක් ප්‍රකාශකයන්ගෙන් පාඨකයන්ට පිරිනැමීම අතිශයින්ම සතුටු විය හැකි කාරණාවක් ලෙස සැලකිය හැකියි.
නවකතා,කෙටිකතා,කාව්‍ය මෙන්ම පරිවර්තන කෘතීන්ද අධ්‍යාපනික කෘතීන්ද කෑගලු පොත් වසන්තයේදී තෝරා ගත හැකියි.පෙබරවාරි මස 8 -14 දක්වා ඔබ යන ඕනෑම දිනකදී ඔබ සඳහාම කුඩා ගමන් මල්ලක් ගෙන යෑම අතිශයින්ම ප්‍රයෝජනවත් වන්නට පුලුවන්.එහි වතුර බෝතලයක්,සුළු ආහාරයක්,කුඩයක් දමාගෙන යෑම ඔබට පහසුවක් වන්නට පුලුවන්.ඒ සමගම ඔබ පොත් ප්‍රදර්ශනයේදී මිලදී ගන්නා පොත් වලට මුදල් ගෙවිමෙන් පසුව කවුන්ටරයේදී ඔබ වෙත ලබා දෙන බිල්පත පොත් ප්‍රදර්ශනයෙන් නික්මෙන තුරුම ලග තබා ගන්නට උත්සාහ කිරීමෙන් ඇතැම් ගැටලුකාරී අවස්ථාවලින් මිදීමට ඔබට ර්‍ය මහෝපකාරී වන්නට පුලුවන්.මන්දයත් එක් කෘතියක පිටපත් අනෙකුත් ප්‍රකාශන ආයතන වලද විකිණීමට තබා ඇති නිසාවෙනි.
විවේකී කාලයට මෙන්ම විනෝදාංශයක් ලෙසද කියවන්නන් හා දැනුම හඹා යන්නන්ට ද මෙවර කෑගලු පොත් වසන්තය මනරම් මෙන්ම අත්දැකීම් බොහෝමයක්ම ලබා ගැනීමට කදිම අවස්ථාවක් වනු නියතය.
ඈන් මිලිනි රොෂිණ