කැලණි සරසවි බිමෙන්සන්නස 2025..

සන්නස 2025

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය යනු කාර්යබහුල අධ්‍යයන අංශයකි. වසරේ බොහෝ දිනවල ජන සන්නිවේදනය සම්බන්ධ හරවත් වැඩසටහන් මෙම අධ්‍යන අංශයේ මූලිකත්වය යටතේ සිදුවේ.

එහි තවත් ප්‍රතිඵලයක් වශයෙන් කැලණිය විශ්වවිද්‍යාලීය ජනසන්නිවේදන අධ්‍යයන අංශය මගින් ලංකාවේ ප්‍රථම සහ එකම මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමනාකරණය උපාධි පාඨමාලාව ආරම්භ කර වසර දහයක් සැපිරීම නිමිති කරගෙන “ලාංකීය මහජන සම්බන්ධතාවයේ මංපෙත සොයා – සන්නස 2025” ප්‍රසංගය එළිදැක්වීමට නියමිතය. මෙම ප්‍රසංගය 2026 ජනවාරි 06 වන දින පස්වරු 6.30 ට කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාව තුළ එළිදැක්වීමට නියමිතය.

ඒ අනුව අතීතයේ පටන් මේ දක්වා මහජන සම්බන්ධතා කර්තව්‍ය කෙසේ සිදු වුණේද යන්න නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීම මෙහිදී සිදුකරයි.එසේම මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ විෂය පිළිබඳව ජනතාවගේ දැනුවත්භාවය වැඩි කිරීම සහ විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථීන්ගේ නිර්මාණාත්මක කුසලතා එළිදැක්වීමද “සන්නස 2025” ප්‍රාසාංගික වැඩසටහනේ අරමුණු වෙයි.

මෙම ප්‍රාසාංගික අත්දැකීම ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය විශේෂවේදී දෙවන වසර විද්‍යාර්ථීන්ගේ මූලිකත්වයෙන් සිදුකෙරෙන අතර විශ්වවිද්‍යාලයේ විවිධ අධ්‍යයන අංශවල විද්‍යාර්ථීන් මෙම වැඩසටහන සඳහා තම දායකත්වය ලබාදෙයි.මෙය ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය මනෝජ් ජිනදාස මහතා ප්‍රමුඛ එම අධ්‍යයන අංශයේ කථිකාචාර්ය, සහාය කථිකාචාර්ය මහත්ම මහත්මීන්ගේ අධීක්ෂණය යටතේ සංවිධානය වෙයි.

සටහන
එන්.පුනාරා සෙන්මල්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *