කළු ජනවාරිය එලබෙද්දි එක්නැලිගොඩ අපරාධයට සමබන්ධ හමුදා බුද්ධි නිළධාරියට උසස්විම දිම අනුමත කරන්න බෑ..
මාධ්‍යවේදි ප්‍රගිත් එක්නැලිගොඩ අපරාධ නඩුවේ චුදිත හමුදා බුද්ධි නිලධාරියාට උසස්විම් ලබාදිම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයාට සිය විරෝධය පලකරමින් වෘත්තිය ජනමාධ්‍යවේදින්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් සහ ලේකම් රංග බණ්ඩාරනායක ගේ අත්සනින් යුතුව ලිපියක් යවා ඇත.
එම ලිපියට අනුව එම සංවිධානය ඉල්ලා සිටින්නේ ලබාදි තිබෙන උසස්විම වහා අවලංගු කරන ලෙසත් එලබෙන කළු ජනවාරි දිනය පවතිද්දි මේ ආකාරයට උසස්විම් ලබාදිම කිසිසේත් අනුමත නොකරන බවකි.
එබැවින් ලාංකීය ජනසමාජයට මෙවර කළුජනවාරිය සමරන්නට සිදුව ඇත්තේ මෙවන් පසුබිමක් තුලදි බව සදහන් කරන අතර එය ඉතාමත් ඛේදජනක තත්වයක් බවද සදහන් වේ.