ඕලුගල වලානේ ප්‍රධානියා කරයි..
පෑලියගොඩ පොලිස් අපරාධ කොට්ඨාශයේ අධ්යක්ෂ වරයා ලෙසට කටයුතු කල සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල වලාන දුෂණ මර්ධන ඒකකයේ නව අධ්‍යක්ෂක වරයා ලෙසට පත්කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ සුවිශේෂ කාර්යභාරයක් පසුගිය වකවානුවන් තුල ඉටුකල මොහු ජාත්‍යන්තර මට්ටමේ මෙහෙයුම් සාර්ථකව සිදුකල කලක් පොලිස් විශේෂ කාර්ය බලකායේ ක්‍රියාන්විත රාජකාරියන් පවා සිදුකල දක්ෂ නිලධාරියෙකු වන අතර ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිසද ඉතා සුක්ෂම ලෙසට අත්අඩංගුවට ගැනීමට නායකත්වය ලබා දුන් දක්ෂ නිළධාරියකු විය.