උතුම් වූ මහ සිකුරාදා දිනය

කතෝලිකයන්ගේ දිවියේ කිසිදාක අමතක නොවන හා අතිශයින්ම අතිවිශේෂ දිනයක් වන මහ සිකුරාදා දිනය අදයි.ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසපත් වීම හෙවත් උකුත්වීම සිහිපත් කෙරුනුයේ මහ සිකුරාදා දිනයයි. කපාල කඳු මුදුනේ දී උන්වහන්සේ කුරුසයකට තබා ඇණ ගසා මරුමුවට පත් කිරීමෙන් පසුව ජේසුස් වහන්සේගේ ශ්‍රී සිරුර ගල්ලෙනක තැන්පත් කරනු ලැබුවා.ඉන් තෙදිනකට පසුව එනම් පාස්කු ඉරිදා දිනයදා උන්වහන්සේ මරණය පරාජය කර උත්ථාන වී අදටත් ජීවමානව වැඩ වසනා බව කතෝලිකයන් විසින් අවිවාදයෙන් තොරව පිළිගන්නා කරුණක්.
ලොවටම ඉතා යහපත් හා කරුණාවන්ත සෙනෙහස දානය කරමින් උන්වහන්සේ සිය දුක් ප්‍රාප්තිය විඳිමින් කුරුස ගසේදීම උන්වහන්සේට ඇණ ගසා ,පිපාස වූ මොහොතේදී තිත්ත කාඩිය දුන් අයටද සමාව දානය කලේ එදා පටන් අද දක්වාම කිතු උපත සේම උකුත්වීමෙන්ද ලොව පුරා සියල්ලන්ටම කදිම වූ පාඩමක් කියාදී තිබෙනවා.
ශ්‍රී ලංකාව පුරාවටම සියලූම දේවස්ථාන වල මහ සිකුරාදා දිනය සිහිපත් කරමින් ආගමානුකූලව ගත කරන්නට කතෝලික බැතිමතුන් යොමුව සිටිනවා.එමෙන්ම ඔවුන් විසින් ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සියල්ලන්මට ජීවනය ගෙන දුන් බවත් ,එයින් සියල්ලන්මට ගැලවීම ලැබුණ බවත් පිලිගන්නා අතර කතෝලික ප්‍රජාවගේ හදවත් ද එතුමන්ගේ ආදරය වෙනුවෙන් යොමුව තිබෙනවා.මහ සිකුරාදා දිනයද උන්වහන්සේ ලොවටම පෙන්වූ දයාව ස්නේහය ලැබීමට මෙන්ම බෙදා දීමටත් සියලූම ලෝකවාසීන්ට ඉඩ හසර ලැබේවායි මෙවන් වූ උතුම් දිනෙක ප්‍රාර්ථනා කරන්නෙමු.

සටහන:-ඈන් මිලිනි රෝශිනී

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *