ඇගළුම් සදහා බ්‍රිතාන්‍යයේ තිරැබදු සහනය ලාංකීය නිෂ්පාදනකයින්ට හොද අවස්ථාවක්..

ඇගළුම් සදහා බ්‍රිතාන්‍ය රජය ලබාදුන් තිරැබදු සහනය ජනවාරි 1දා සිට ක්‍රියාත්මක වන බවත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සදහා එක්සත් රාජධානියේ වෙළද වැඩසටහන යටතේ මෙම සහනය ලංකාවට හිමිවු බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
මෙම වෙළද සහයෝගිතාවය ලංකාවට බ්‍රිතාන්‍ය මගින් ලබාදි ඇත්තේ ලංකාවේ ආර්ථික වර්ධනයට සහයෝගයක් ලෙසට බව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් පවසන අතර ඒකාබද්ධ ඇගළුම් සංගම් සම්මේලනයේ මහලේකම් යොහාන් ලෝරන්ස් සිය නිවේදනය මගින් කියාසිටින්නේ ඇගළුම් කේෂ්ත්‍රයේ සමාන මට්ටමේ තරගවැදිම සදහා දැන් ලාංකීය ඇගළුම් නිෂ්පාදනයින්ට මේ හරහා ඉඩකඩ විවර වන බවකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *