අපේ ජාතික උරුම
නවනැලියේ විජේතුංගයන් විසින් කාලෝචිත වූ මාතෘකාවක් යටතේ රචනා කල “අපේ ජාතික් උරුම” නම් වූ කෘතිය වර්තමානයේ අවධානය යොමු කල යුතුම වූ අතිශයින්ම වැදගත්,ආකර්ෂණීය ස්ථාන පිළිබඳව කරුණු ගොනු කර ඇත්තේය.ඉන් සමහරක් වූ සීගිරිය,සඳකඩ පහණ,නාලන්දා ගෙඩිගේ,කුමන අභය භූමිය,ඉසුරුමුණිය පෙම් යුවළ,හෝර්ටන් තැන්න,මිහින්තලාව,කැලණි විහාරය,නාගදීපය,කුට්ටම් පොකුණ,මහනුවර වැව,ගාලු කොටුව වැනි ස්ථාන පිළිබඳව වටිනා විස්තර බොහෝ ප්‍රමාණයක් අඩංගු කර ඇත.පිටු දෙසියය දාහතක් පුරාවටම ශිෂ්‍ය පරම්පරාවට ද වැඩිහිටි පරම්පරාවට යන පිරිසටම වැදගත් විස්තර විස්තරාත්මක ලෙස කැටි කොට ඇති මේ කෘතිය දැනුම වැඩුම ප්රකාශනයක් බව කිය යුතුය.වටිනාකම මිල කල නොහැකි නමුත් මිලදී ගැනීමට අවැසි අය සඳහා එය රුපියල් පන්සියයක ලෙස මුද්‍රත මිල සඳහන්ව පවතී.විස්තරයට හා ස්ථානයට අදාළ පින්තූර රාශියක්ද පලකල ඇති මේ කෘතිය පරිශීලනය කිරීමෙන් නොදන්නා තොරතුරු රැසක්ද තමන් සතු කරගැනීමට පාඨකයාට හැකියාවක් ඇත.සඳකඩ පහණක රූපයක් ඉදිරිපස කවරය හැඩ කර ඇති අතර එය මේ කෘතියේ වටිනාකම ඔප් නංවා තිබේ.මෙය දෙදහස් දාහතරවන වසරේ මුද්‍රණය වී ඇති අතර ඔබගේ දැනුම් ගබඩාවට එකතු කරගන්න.