අද තෛපොන්ගල්…

තෛපොංගල් උත්සවය ගැන බිඳක්…
තෛපොංගල් උත්සවය හෙවත් අස්වනු නෙළීමේ උත්සවය ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියානු ද්‍රවිඩ ජනතාවගේ ප්‍රධාන උත්සවයක්ද වනවා.පොංගල් යන දමිළ වචනයේ අර්ථය වන්නේ උතුරා යාමයි.නැවුම් මැටි කලයක කිරි උතුරවා එයින් කිරි ඉතිරී යාම නිවැසියන්ට අතිශයින්ම සුභ දායක බව ඔවුන් විශ්වාස කරනු ලබනවා.තෛපොංගල් උත්සවයේ ඉතිහාසය වසර දෙදහසයක පමණ අතීතයක සිට පැවත එන්නක් බව ඇතැමුන් විශ්වාස කරයි. ධර්ම ශාස්ත්‍රරවයන් සදහන් කරන පරිදි මකර සන්ක්‍රාන්තිය ජනවාරි 14 වනදා සිදුවන අතර කුම්භ හා අර්ධ කුම්භ මේලා මෙදින අවසන් වේ.
අස්වැන්න නෙ‍‍ලන අවස්තාවේ දී සමරනු ලබන මෙම උත්සවය සෞභාග්‍යය සහ ස්තූති කිරීම වැනි චාරිත්‍ර මත පවතී. මෙහිදී තම අස්වැන්න සරු වීමට උපකාර කළ වර්ශාව, සූර්යයා හා ගොවි සතුන්ට ස්තූති කරනු ලැබේ.ගොවි සතුන්ගේ නලල මත සායම් ගලවන අතර ඇතැමුන් අං සහිත සතුන්ගේ අඟ වටාද මල් මාලා හා මල් ගෙතුම් යොදන්නේ ඔවුන්ට කෙරෙන ස්තූතියක් ලෙසින්‍ ය.අලංකාර ඇඳුම්වලින් සැරසී සිටින ද්‍රවිඩ ජාතික සහෝදර සහෝදරියන්ද ආගමික වතාවන් වලට මුල් තැන දෙනු ලබයි.
පොංගල් උත්සවය දින තුනක් හෝ හතරක් යන කාලය පුරාවට පවතින අතර පලමු දිනයේදී ගෙවීගිය අවුරුද්දෙ ගැමියන් ඇඳි වස්ත්‍ර පුළුස්සා දැමීම හා දෙවන දිනයේදී බත්,හකුරු හා නැවුම් එළකිරි,මුද්දරස්පලම් මෙන්ම කජු වැනි දෑ දමා නැවුම් මුට්ටියක පිසින ලද ප්‍රණීත බතක් උයනු ලබයි.ඉන් පලමු කොටස සොභාදහමට හිරු උදාවත් සමඟම පිළිගන්වන අතර අසල්වාසීන් හා සමඟ බෙදාහදාගනිමින් සංග්‍රහ කිරීමද මේ අතර සිදුවේ.වඩේ,මුරුක්කු,අලුවා වැනි රසවත් වූ අහාරද මේ දිනවල අසල්වාසීන් වෙනුවෙන් නිවෙස් වෙනුවෙන් තනනු ලබයි.
තුන්වන දිනයේදී ඔවුන් සිය ගොවිතැන් බත් සාරවත් කිරීමට මනා සේ වෙහෙස වූ ගවයන් වෙනුවෙන් ඔවුන්ට ස්තූති කිරීමට යොදා ගනී.සායම් ගා ඔවුන්ව වර්ණවත් කල පසුව එදින ඉතාමත්ම නිදහසේ එහා මෙහා ඇවිද යාමට ගවයන්ට ඉඩ ලබා දෙනු ලබයි. පොංගල් උත්සවය ඉන්දියාවේ තමිල්නාඩු වැසියන් මෙන්ම ලෝවැසි සියළු දමිළ ජාතිකයින් විසින්ද ඉතා උත්සවශ්‍රීයෙන් සමරනු ලැබේ. දමිළ ජතිකයින් වෙසෙන වෙනත් රටවල් වලද මෙම උත්සවය සමරනු ලබයි. ඔවුන්ගේ උත්සව අතරින් බෙහෙවින් ම උසස් තැනක් ලබා ගන්නා මෙම උත්සවය ලංකාවේද කෝවිල් වල පූජා පවත්වමින් ඉතා සාරවත්ව පවත්වනු ලබන අතර උත්සවය සමරන අයගේ නිවසෙ ගෙමිදුලෙහි කෝලම් රටා වලින් අලංකාර කරනු ලබයි.
ලංකාවේ කෝවිල් පුදබිම් වලද එදින ලාංකීය දමිළ ජනයා ආගමීක වතාවත් වල යෙදෙනු දැකියහැකි අතර සහජීවනය හා සතුට විදහාපාන ලබන සංස්කෘතික අංගයක් ලෙසද තෛපොංගල් උත්ස්වය හැදින්විය හැකිය.
සටහන:-ඈන් මිලිනි රෝශිනී

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *