අචාර්ය-මහාචාර්ය හිඟයෙන් විශ්ව විද්‍යාල සිසුන් අගතියට..
රාජ්‍යය විශ්ව විද්‍යාල තුල අචාර්ය මහාචාර්ය හිගය 50%දක්වා ඉහල ගොස් ඇති බව ත් ඒ හරහා ගැටළුකාරි තත්වයක් මතුව ඇති බවත් කළමණාකරණ පිඨ ශිෂ්‍යය සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
මෙම කළමණාකරණ පිඨයන් තුල සිසුන් 2000ක් පමණ අධ්‍යයන කටයුතු වල නිරතවන බවත් ,ඒ සදහා මහාචාර්ය වරැ 12දෙනෙකු පමණක්සිටින බවත් එම ශිෂ්‍ය සංගමය පවසන අතර එය සිසුන්ගේ අධ්‍යයන කටයුතු සදහා මහත් බාධාවක් බවද සදහන් වේ.
එසේම රජරට විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පිඨවල ආචාර්ය සහ මහාචාර්ය වරැ 45%ක හිඟයක් පවතින බවත් ,පර්යේෂණ කටයුතු සදහා අවශ්‍ය දැනුම ලබාගැනීමට මහාචාර්ය අවශ්‍යතාවය උත්සනව ඇති තත්වයක් උදාවි ඇති බවද සදහන් වේ.