විදුලකර සරසවි පිය සටහන්….150 වෙනි විද්‍යාලංකාර ගෙන සැමරුම.
දේශීය අධ්‍යාපනය නගා සිටුවීමේ පරමාර්ථය සහිතව වර්ෂ 1875 නොවැම්බර් මස 01 වන දින පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනරත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
එහි දිගුවක් ලෙසින් වර්ෂ 1959 ජනවාරි මස 01වන දින මෙම පිරිවෙන විශ්වවිද්‍යාල මට්ටමට උසස් කළ පසුව එතැන් පටන් ආරම්භ වූ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය මේ වන විට කැලණිය විශ්ව විද්‍යාලය ලෙසින් හඳුන්වනු ලබයි.
ඒ අනුව පසුගිය ජනවාරි මස 27 වන දින පෙරවරු 10.00 සිට කැලණිය විශ්වවිද්‍යාලීය ශ්‍රී ධර්මාලෝක ශාලාව තුළ විද්‍යාලංකාර පිරිවෙන වසර වසර 150 ක් සැපිරීම නිමිති කරගෙන විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. විද්‍යාලංකාර පිරිවෙනෙහි ගමන් මග පිළිබදව මතකාවර්ජනයක් මේ හරහා සිදුවිය.
මේ අවස්ථාව කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති සම්මානිත මහාචාර්ය කොල්ලූපිටිය මහින්ද සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේත්, කැලණිය විශ්වවිද්‍යාලීය උපකුලපතිනි මහාචාර්ය නිලන්ති ද සිල්වා මැතිණියගේ ප්‍රධානත්වයෙන් ද සිදුවිය.
මෙම වැඩසටහන තුළ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලය දක්වා වර්ධනය වීමේ ගමන් මඟ සනිටුහන් කරමින් විශේෂ වාර්තාමය වැඩසටහනක් එළි දැක්වීම, විද්වත් කතිකාවතක් සහ ශාස්ත්‍රීය ග්‍රන්ථ එළිදැක්වීමක් මෙන්ම විචිත්‍රවත් අංග රැසක් සහිතව සංවිධානය කර තිබුණි.
මෙම සැමරුම් අවස්ථාව සඳහා කැලණිය විශ්ව විද්‍යාලයේ විවිධ අධ්‍යයන අංශ නියෝජනය කරමින් විශ්ව විද්‍යාලීය විද්‍යාර්ථීන් ද කථිකාචාර්ය මහත්ම මහත්මීන් මහත්මීන් ද සුවිශේෂී ආරාධිත පිරිස් ද සම්බන්ධ වන්නට විය.
වර්තමානය වන විට කැලණියේ විශ්වවිද්‍යාලය අධ්‍යයන පීඨ හා පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ 07ක් තුළ දෙස් විදෙස් විද්‍යාර්ථීන් 16,000 කට අධික පිරිසක් දැනුම ගවේෂණය කරන ශාස්ත්‍ර නිකේතනයක් බවට පත්ව තිබේ.
සටහන..
එන්.පුනාරා සෙන්මල්