ලෙබනනයේ අවතැන් ජනතාවටලාංකීය කතුන්ගේ මානුෂිය දැත් දිගුවෙයි..
මේ දිනවල මැදපෙරදිග ඇතිවි ඇති යුධමය වාතාවරණය දිනෙන් දින උණුසුම් වෙමින් ජිවිත නොසිතු ලෙසට වැලිතලාව සිපගනිමින් සිටියි.
එවන් අතිශය අමානුෂික පසුබිමක දැඩි නිතිරීති මැද සිය පවුල රකින්නට මැදපෙරදිග කලාපයේ ලෙබනනයේ සේවය කරන අපේම ලාංකීය කතුන් ඔවුනට ඇති එකම නිවාඩු දිනයේ බිරැට් හි යුධමය තත්වය මත අවතැන්ව සිටින එරට ජනතාවට සිය මානුෂිය දෑත් දිගු කරන්නට මැලි වුයේ නැත.
තම හම්බකර මෙරටට එවන්නට තිබු සොච්චම් මුදලින් අවතැන්ව සිටින එරට ජනතාවට ආහාරපාන බෙදා දි එම ජනතාවගේ කුසගින්න නිවා දමන්නට කටයුතු කල බව වාර්තා විය.
වැලිකතරේ සිය මානුෂිය දෑත් අවතැන්ව සිටින ලෙබනනයේ ජනතාවට දිගු කරමින් ලාංකීය මනුසත් කම පෙන්වු අපේ කතුන්ට ප්රණාමය මෙලෙස පුදකරන්නේ හදබැතියෙනි !