දේශපාලන සිරකරැවන් නිදහස් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි..
වත්මන් ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දුවක් වු දේශපාලන සිරකරැවන් නිදහස් කිරිම ඉටුකර දෙන ලෙසට ඉල්ලමින් ජනාධිපති ලේකම් වරයාට බහුජන සංවිධාන,වෘත්තිය සමිති ක්‍රියාකාරින් ඇතුළු සංවිධාන විසින් ලිපියක් භාරදිම සිදුවිය.
මෙලෙස සිටින දේශපාලන සිරකරැවන් අතර වසර 30ක කාලයක් තිස්සේ සිටින දේශපාන සිරකරැවන් දෙදෙනෙක් ද සිටින බවත් සදහන් වන අතර වසර 17ක් තිස්සේ සිරකරැවන් දෙදෙනෙක්ද සිටින බවත් ඔවුන් සැම දෙනාම කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසට මෙම ලිපිය මගින් ඉල්ලිමක් කල බව සත්‍යවේල් පියතුමා සදහන් කලේය.